Sri lankan's culture(පතල් කර්මාන්තය ආශ්‍රිත බස් වහර -ශ්‍රී ලංකාවේ උප සංස්කෘතිය 3)

                               
                                            Image result for පතල් කර්මාන්තය

හරි එහෙනම් ඔන්න යාලුවනෙ තවත් පෝස්ට් එකක් .මේ පෝස්ට් එකින් මන් කතා කරන්න හිතන් ඉන්නෙ අපේ රටේ තවත් එක් කර්මාන්තයක් වෙන පතල් කර්මාන්තය ආශ්‍රිත බස් වහර ගැන.ගිය පෝස්ට් එකින් අපි කතා කළේ අපේ රටේ හේන් ගොවිතැන ආශ්‍රිත බස් වහර ගැන.ඒකබලපු නැති අය මෙතනින් ගිහින් ඒකත් බලලා එන්නකෝ.
                            එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්තා.මුලින්ම පි බලමු අපේ රටේ තියෙන ප්‍රදාන පතල් කිහිපයක් ගැන.මේ තියෙන්නෙ අපේ රටේ ප්‍රසිද්ද පතල් කිහිපයක නම්.

  • කහටගල පතල
  • කෝන්ගහ පතල
  • බෝගල පතල 
                       පතල් ගැන තව විස්තර දැන ගන්න ඕනෙ නම් මෙතනින් ගිහින් ඒකත් බල්ලනකෝ. එහෙනම් දැන් බලමු ශ්‍රී ලංකාවේ පතල් කර්මාන්තය ආශ්‍රිත ජන වහර ගැන.
  • ගොඩ පතල  -ගොඩබිම ඇති පතල
  • කුච්චිය         -පට්ටම් එකතුවෙන තැන
  • හිටි අඩිය      -ගගේ පතුලේ ඇති වැලි
  • රොන්දේසිය-මැද දාරය
  • ගග අදිනවා  - දිග මිට සහිත ලොකු උදැල්ලකින් ගග පතුලේ වැලි ඇදීම
  • තාපලය        -මැණිකක දිලිසෙන මතුපිට
  • ඉල්ලම් කූර  -මැණික් ඉල්ලමක් හමු ඌ පසු එය හෑරිමට ගන්න ලෝහ කූර
  • දිමි ඇස්        -මැණික් ගල් තුල සිරවී ඇති වෙනත් තද පාෂාණ
  • දබරකාරය    -දබරය ක්‍රියාතමක කරන්නා
  • වක්කරපු ගල්-බොරු මැණික් ගල්
  • වාඩිය           -පතල් කරුවන්ට සකසාගත් තාවකාලික මඩුව
  • ජාති ගල්       -නිල්,රතු,පුෂ්පරාග,පසිංගල්,ආරුනූල් වැනි මැණික් වර්ග
  • දෝනා පොලු-දෝනාව ශක්තිමත් කිරීමට යොදා ගන්න ලී දඩු
  • ඔට්ටුව          -මැණිකක තැනක හෝ දෙකක පමණක් පිහිටි තද වර්නය
  • වහල පොලු  -දෝනාව ශක්තිමත් කිරීමට ගන්නා ලී දඩු
  • ඌරලය        -මැණිකක එක් පැත්තක පමණක් පිහිටා ඇති තද වර්ණය
  • ඇලපත් කීරි -දෝනා සවි කිරීමට  ගන්නා පුවක් පටි
  • තරාසම        -මැණික් ගලක් තුල ඇති ඉරි තැලීම් හා පලුදු වීම්
  • ලොකු බාසුන්නැහැ-පතලක ප්‍රධානියා
  • මලුක්කම    -පලුදු සහිත මැණික්
  • පතුවල        -පතලක අඩිය
  • තැරැව්කාරයා-අතරමැදියා
  • මාලාව        -කිරිමැටි
  • තැරැව්ව       -අතරමැදියාට ලැබෙන ලාභය
  • ගැරුම් වට්ටිය-මැණික් ගැරීමට භාවිතා කරන වට්ටිය
  • නාම්බුව       -මැණික් ඉල්ලම් සහිත වට්ටිය
  • ඉල්ලම        -මැණික්සහිත පස
  • දෝනාව       -පතලක හරස් අතට ඇති උමංමාර්ගය
  • කුමතේරුකරුවා-පතල් පොලක ප්‍රදානියා
  • හරස්කඩ     -පතලක පළල් පැත්තට සවිකරන ලී දඩු
  • තට්ටුව        -පතල් සවිමත් කිරීමට යොදාගන්න ලී දඩු
  • පතල්මුක්කු -පතක තට්ටු ගැසීමට යොදන ලී තට්ට්ටු
  • මල් පට්ටම්  -මැණික් ගලක පුංචි පට්ටම්
  • බාස්             -කොන්තරාත් පිරිසේ  මූලිකයා
  • වලේ යනවා -පතල ඇතුලට යනවා
  • මිනි රං ගැට  -කුඩා ඉල්ලම
  • ගස් ඉල්ලම   -උඩ සිට පහලට යෙදෙන ඉල්ලම
  • දෝනාකට    -දෝනවක් වලක් එකට හමුවෙන ස්ටානය
  • දෝනාව       -පතලේ හරස් අතට එති උමං මාර්ගය
  • මීරං ඉල්ලම  -මිනිරං බහුලව පිහිටි ප්‍රදේශය
මේවා පොඩි නංගිලාට මල්ලිලාට වගේම ලොකු අයටත්ගොඩක් වැදගත් වෙයි  කියලා හිතනවා.එහෙනම් ලබන පාරා මන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අපේ රටේ වැදි ජනවහර පිලිබදවයි.එහෙනම් මන් අදට ගියා.සුබ දවසක්..


                                    Image result for පතල් කර්මාන්තය


Comments

Popular posts from this blog

Sri lankan's culture (හේන් ගොවිතැන ආශ්‍රිත බස් වහර -ශ්‍රීලංකාවේ උප සංස්කෘතිය 2)

Sri lankan's culture