Sri lankan's culture (ශ්‍රී ලංකාවේ උප සංස්කෘතීන් - 1)
හරි එහෙනම් යාලුවනේ.ආයි පෝස්ට් එකක්.මන් එදා කියුවනෙ මේ පෝස්ට් එකේ ඉදන් කතා කරන්නෙ අපේ රටේ උප සංස්කෘතීන් ගැන කියලා.එහෙනම් ඒක පටාන් ගමූ නේ යාලුවනේ.කලින් පෝස්ට් එක බැලුවෙ නැත්නම් නිකන් රවුමක් ගහලා එන්නකෝ.
1 එක මෙතනින් යන්න.
2 එක මෙතනින් යන්න
එහෙනම් වැඩේ පටාන් ගමු.
1.ඉස්සල්ලම අපි ධීවර බස් වහර ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු යාලුවනෙ.එම බස් වහරෙ භාවිතා වෙන වචන තේරුමත් එක්ක පහත තියෙනවා.පොඩි නංගිලාට මල්ලිලාට ගොඩක් වැදගත් වෙයි ඕවා.
- දියභ -මුහුද
- පන්න කරනවා -මසුන් අල්ලනවා
- ගොලු මුහුද -ගැබ්හුරු මුහුද
- නිල් මුහුද -වෙරලේ සිට සැතපුම් තුනක් පමන ඈතින් වන මුහුද
- කොල මුහුද -වෙරලේ සිට සැතපුමක් පමන වන මුහුද
- කන මුහුද -වෙරලබඩ සිට සැතපුම් බාගයක් පමනින් වෙන මුහුද
- දුවන්නන් යනවා -ඔරු පදිනවා
- පෙරකඩ -ඉර බැස යාමෙන් පසු එලබෙන වේලාව
- හැන් -කුබ ගස
- පාන -ප්‍රදීපාගාරය
- ගොයියා -රුවල
- ඉර බලනවා -ඉර පායන වේලාව
- සද බලනවා -සද පායන වේලාව
- හරස්කඩ -ඉර උදාවෙන්නට කලින් පෙනෙන එලිය
- ගගුලාව -වැස්ස
- සුරාවලිය -දියවැල
- දිය අත -මුහුදු රල ගමන් කරන දිශාව
- ලෙල්ලම -මාලු විකුනණ ස්ටානය
- අයිස් වාඩිය -දීවරයා ගොඩබිමේදී විවේක ගන්න තැන
- කෝඩේ සුළං -ගොඩ සුළං
- ඊයිත්තු බැලීම -සුළංහමන අත බැලීම
- මලයමට හිටිනවා-දවල් මුහුදු යාම
- පඩිනඩි -ශ්‍රමයට කරන ගෙවීම
- බාදිය -ජල මට්ටම පහත බැසීම
- වඩදිය -මුහුදු ජල ඉහල නැගීම
- මුහුදු කණු -රිටි පන්න ධීවරයා බාවිතා කරන කණු
- මාලු කෙත -මසුන් බහුලව සිටින ප්‍රදේශ
- මා ඉක්කන් -සවස මුහුදු ගොස් මසුන් මැරීම
- බොරුගල් මුහුද-දියයට ගල් පරසහිත මුහුද
- බල පන්නෙට යනවා-බලයන් අල්ලන්නට යනවා
ධීවර යාත්‍රා සම්බන්ද වචන
- වියල -ඔරුවේ ඉදිරියෙන් ඇති හබල් දෙක
- අවල -ඔරුවේ පසු පස ඇති හබල් දෙක
- ඇණිය -ඔරුවේ ඉදිරි පසකොටස
- කොල්ලෑව-ධීවර යාත්‍රාවේ සමබරතාවය රැක ගැනීමට බ්හාවිතා කරන දෙකෙලවර උල් ලීය
- කෙප්පම -දැල් එලීමට භාවිතා කරන කුඩා ධීවර යාත්‍රා
- ගොඩ ඔරු -නවකයින් නොගැභුරු මුහුදේ මාළු ඇල්ලීමට භාවිතා කරන ඔරු
- මහ ඔරු -ඈත දියබේ මාඅලු ඇල්ලීමට ගන්න ඔරු
- බල ඔරු -බලයන් ඇල්ලීමට යන විශාල ඔරු
Comments