Sri lankan's culture (හේන් ගොවිතැන ආශ්‍රිත බස් වහර -ශ්‍රීලංකාවේ උප සංස්කෘතිය 2)

                                       Image result for හේන් ගොවිතැන                                                                                     එහෙනම් ඔන්න කියපු විදිහටම මේ පෝස්ට් එකෙන් දන්න හදන්නෙ හේන් ගොවිතැන හා සම්බන්ධ බස්වහරයි.කස්ටිය නම් දන්නව ඇති හේන් ගොවිතැන් කියන්නෙ මොකද්ද කියලා.මේ කියන්නෙ දන්නෙ නැති අයටයි.හේන් ගොවිතැන කියන්නෙ අපේ රටේ සාම්ප්‍රදායිකවගා ක්‍රමයක්.අතීතයේ අපේ මුතුන් මිත්තන් ජීවත් උනේ මේ හේන් ගොවිතැන ජීවිකාව කරගෙන.එම හේන් ගොවිතැන සම්බන්ද බස් වහර තමයි මන් මේ පෝස්ට් එකෙන් දාන්න හිතන් ඉන්නෙ.
                                                           අපි කලින් පෝස්ට් එකෙන් කතා කෙරුවෙ ධීවර බස් වහර පිලිබදවයි.ඒක කියපු නැති කෙනෙක් මෙතනින්  ගිහින් ඒකත් බලලා එන්නකෝ.එහෙනම් වැඩේ පටාන් ගමු.

2.හේන් ගොවිතැනේදී භාවිතා වන බස් වහර

  • හුළං පෑදීම               -සුළං හැමීම
  • ගිනි ලෑම                 -ගිනි තැබීම
  • මුලා ගැසීම              -ඉතිරි වූ ඉපල් එකතු කර ගිනි ලෑම 
  • කොරවෑ වීම            -ගිනි තැබූ හේන සම්පූර්ණයෙන්ම පිළිස්සී නොයාම
  • පුරු වීම                   -කොටන ලද වල් අවු රශ්මියට වියලී යාම
  • මුල් කැට හේන        -සාමූහිකව එකතුවී කොටන හේන
  • නවදැලි හේන          -අලුතින් පුළුස්සා සකස් කළ හේන් 
  • කනත්ත                  -අත්හැර දැමූ හේන
  •  මුල් ගහනවා           -වල් ගස්කපනවා
  • හේන් උලාකැම       -වල් කෙටූ හේනේ ඉතිරි වූ රූස්ස ගස් කපා බිම හෙලීම 
  • බඩතැල්ල කැපීම     -ගසක කදක පැත්තකින් කොටසක් කපා දැමීම
  • බිම්මල් කැපීම         -වල් කෙටීම ආරම්බ්හ කිරීම 
  • වල් කැත්ත             -වාල් කෙටීමට යොදාගන්න කැත්ත
  • හුළු                         -හේන වටා ඇති කුනු රොඩු වලට ගිනි තැබීම
  • ලබු කට්ට                -වතුර රැගෙන යාමට ලබු ගෙඩියෙන් තැනූ භාජනය
  • වාම් පතුල්               -මී හරකාගේ සම්වලින් සෑදූ පාවහන් යුගලය
  • වල් ඇල්ලීම            -භූමියෙහි කැලෑ කපා ඉවත්කිරීම
  • ගස් පැල                  -විශාල ගසක් උඩ සාදනු ලබන කඩා මඩුව
  • පැගිරි කිරීම             -හේනට ඔබ්බෙන් වූ ගස් වැල් වල අතු ඉති තලා දැමීම
  • ගිනි බෝකර ගැනීම -ගිනි අවුළුවා දැමීම
  • කණුමදු                   -නවදැලි හේනේ නොපිලිස්සුනු මුල්
  • මැල පොලන්           -ගිනිගත් හේනේ ඉතිරි වෙන කොටස්
  • කරල් ගෙය              -හේන් ගොවියාට අවුවෙන් හා වැස්සෙන් ආරක්සා වීමට තනනු                                       ලබන කුඩා මඩුව
  • දඩු වැට                    -හේනේ ආරක්ශාවට දැව කදන් හා දඩු යොදා සකස් කල හේන
  • මැල කූඩුව                -ඉක්මනින් දැවෙන් කොලරොඩු එක්කොට ගිනි තැබීම පහසු කර                                    ගැනීම සදහා සාදන දෙය  
                                  අදට මේ ටික ඇති කියලා මන් හිතනවා.ඔයාල දන්නෙ නැති එකක් මේ බ්ලොග් එකෙන් හම්බුනානම් ඒක තමා මටත් ඕනෙ.එහෙනම් යාලුවනේ මන් ගියා.ලබන පෝස්ට් එකෙන් මන් බලාපොරුත්තුවෙන්නෙ පතල් කර්මාන්තයේ බස් වහර  පිලිබදව කරුණු දැක්වීමටයි.මේ බ්ලොග් එක ගැන් හිතෙන දේත් පුලුවන්නන්ම් යටින් කොටාගෙනත් යන්න යාළුවනේ.😊
                               Image result for හේන් ගොවිතැන

Comments

Popular posts from this blog

Sri lankan's culture(පතල් කර්මාන්තය ආශ්‍රිත බස් වහර -ශ්‍රී ලංකාවේ උප සංස්කෘතිය 3)

Sri lankan's culture