Sri lankan's culture
එහෙනම් කියපු විදිහටම ඔන්න ආයි ආවා.ඔයාලා ගියපාර පතල් කර්මාන්තය ගැන පෝස්ට් එක බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් ඒ පැත්තෙත් රවුමක් ගහලා එන්නකෝ.......මන් කියුවනේ මේ පෝස්ට් එකින් මන් කියන්න යන්නෙ අපේ රටේ ආදිවාසී ජනයා ගැන කියලා.එහෙනම් ඒකත් පටාන් ගමු නේද යාලුවනේ........😁
ශ්රී ලංකාවේ ආදිවසීන්
දන්නෙ නැති අයට පොඩි හැදින්වීමක්:
වැද්දා යන වචනයේ සාමන්ය තේරුම විදින තැනැත්තා යන්නයි.මොවුන් ශ්රී ලන්කාවේ අන්න්යතාව රැකගෙන ජීවත් වෙන පිරිසක් ලෙස ද හැදින්වීමට පිලිවන්.වැඩි ජනතාව පැවත එන්නෙ කුවේනියගෙ සහ විජයගේ පරම්පරාවෙන් බවටද මතයක් පවතී.වර්තමානයේ වැදි ජනයා මහියංගනය හා එහි අවට ප්රදේශයේ ජීවත් වේ.
වැදි ජන වහර
- සුදු හූරා-සුදු මහත්තයා
- මුංඩි-තලගොයා
- කටුකැච්චා-ඉත්තෑවා
- දබානපෝරුගම් පොජ්ජ-දබාන
- වාව් පොජ්ජ-වැව
- රුකුල් පොජ්ජ-ගෙය
- ගල් රුකුල් පොජ්ජ-ගල් ගෙය
- කැළෑ පොජ්ජ-කැළය
- හේම් පොජ්ජ-හේන
- කැළෑ පොජ්ජ-කැළය
- ඇනඋකලාප-දෙන්න
- ඔටා දමනවා-නටනවා
- කතා දමනවා-කතා කරනවා
- රුකං පොජ්ජ ප්ටෑරලා-ගස් කපලා
- ඇන්න මංගච්ච-අරගෙන යන්න
- හිත් පොජ්ජට මන්දො වෙනවා-හිතෙනවා
- භාර පොජ්ජත් මන්දො වෙනවා-භාර වෙනවා
- කැකුළා-පිරිමි ළමයා
- කැකුළී-ගැහැණු ළමයා
- පෙරූර පොජ්ජ-පෙරහැර
- මුණ්ඩි- ගොයම්
- සාසන පොජ්ජ-පන්සාල
- මින්ග්ගජ්ජු-මිනිස්සු
- බිත්තර තන-බිත්තර
- වන්නිකැට තලප
- ගිරිතල බොක්කී-ගිරිතල අල
- දෙපටුල්ලන් තන-හාල්-වී
- මලාලිය-දුන්න
- පෙට්ටි පොජ්ජ-පෙට්ටිය
- මොරියන් කැච්ච-ඊතලය
- ගල් රැක්කි-පොරොව
- දඩු ගච්ච-වාහනය
- තබ පෝරු-තබ කාසි
- ගිනි රාච්චා-ගින්දර
- පුච්චා කඩන යමකෙ-තුවක්කුව
- මාදිය ඇල්ලෙ දඩු කැච්ච-නැව
- ගයිගැට-පුවක්
- වන්නි කුඩු-කුරක්කන්
- කිරි ගෙජ්ජි-පොල් ගෙඩිය
- ගල්මැද-හුණු
- පැගිරී කොළ-බුලත්
- වේව කොළ-දුම්කොල
- පැණි ඇට පොජ්ජ-සීනි
- කරු කරු කච්චන යමගෙ-ටෝච් එක
- උඩ තනින් මංගච්චන යමකේ-ගුවන් යානය
- ගල් මැද-හුනු
- කරියා-වලහා
- ගැටමන්දා -කිඹුලා
- හොච්ච දික්කා-ඌරා
- කදාර්නි-වී මැස්සා
- ජිය මච්චි -මාලුවා
- බොටකද ලැත්තෝ-අලියා
- වප්පි ලැත්තෝ-කුරුල්ලා
- පොල් ඇච්චා-කොටියා
- මේ ඇත්තෝ-තමාට
- අප්පිලැත්තෝ-තාත්තා
- අම්මලැත්තෝ-අම්මා
- අයියලැත්තෝ-අයියා
- අක්කලැත්තෝ-අක්කා
- මචනලැත්තෝ-මස්සිනා
- නෑනිලැත්තෝ-බිරිද
- අම්මන්ඩිලැත්තෝ-නැන්දම්මා
- තුන් වැලැත්තෝ-මුනුබුරා
- කිරි අම්මිලැත්තෝ-කිරි අම්මා
- කිරි අප්පිලැත්තෝ-කිරි අත්තා
- මේ ටික ඇති කියලා මට හිතෙනවා.වැදි ජනයා ගැන තවත්දැන ගන්න ඕනෙනම් මෙතන උඩ click කරන්න .අපේ පොඩි අයට තමා මේව ගොඩක් වැදගත් එන්නෙ එයාලගේ විභාග ආදියට.මොකක හරි ප්රශ්නයක් තියෙනවනම් COMMENT එකක් දන්නකො.එහෙනම් මන් ගියා.තවත් ,ඒ වගේ පෝස්ට් එකකින් හම්බ වෙමු.
Comments