sri lankan's culture(ශ්‍රී ලංකාවේ සංස්කෘතිය )
කමත් කවි

ගොයම් පෑගීම
ඉතින් යාලුවනෙ ගොඩක් කාලෙකින් මේ දවස් වල මාර වැස්ස ☔☔☔ගෙදරත් නිකන් ඉන්න එකෙ පෝස්ට් එකක් ලියන්න හිතුන.ඉතින් අදත්ලියන්න බලාපොරොත්තු වෙන්නෙත් අපේ රටේ සංස්කෘතියටම අයිති දෙයක් ගැනම තමා.ඒ තමයි කමත් කවි.මන් හිතනව ඔයාලට ඒක ගොඩක් වැදගත් වෙඉ කියලා.විශේශයෙන් පොඩි නංගිලාට මල්ලිලාට.එහෙනම් ඔන්න කමත ආශ්‍රිත කවි ටිකක් යටින් දැම්මා.👇එහෙනම් බලන්නකෝ.
බුදුන් වඩිති මේ කමතට
සදුන් සුවද විහිදෙයි වට
යොදුන් උසින් තිබෙනා වට
බුදුන් අනින් එන් කමතට
බුදුන් වඩින වෙලාවයි
කිරි උතුරන වෙලාවයි
කොළ මඩවන වෙලාවයි
කමත පිරෙන වෙලාව්යි
උදයට පායන හිරු දෙවියන්ඩයි
සවසට බලන්දෙනකෝ වියන්ඩයි
සතර සයුරෙ වෙසෙනා දෙවියන්ඩයි
සතර වරම් දෙවියෝ පින් ගන්ඩයි
මේ කාගේදෝ කමතා
සදු දෙවියන්ගේ කමතා
සද දෙවියෝ වැඩි කමතා
සදදෙවියෝ බැත දෙවතා
මේ කාගේදෝ කමතා
ඉර දෙවියන්ගේ කමතා
ඉර දෙවියෝ වැඩි කමතා
ඉර දෙවියෝ බැත දෙවතා
මුදුනේ යන ගොන් රජුනේ
ඊළඟයන කිරි පුසිනේ
වට දුවනා නාම්බනේ
කොළමඩවා දෙන් සොදිනේ
මේ කොතනින් ගෙනා ගොනා
රුහුනු රටෙන් ගෙනා ගොනා
මේ කුමකට ගෙනා ගොනා
කොළ මඩිනට ගෙනා ගොනා
අටු කොටුවල තියෙන බැතා
ඉහළ් පහළ තියෙන බැතා
ලබු ගෙඩිවල තියෙන බැතා
ගෙන එන්නෝ මේ කමතා
කලින් පෝස්ට් බැලුවෙ නැත්නම් යටි තියෙන ලින්ක් වලින් ඒවත් ගිහින් බලන්න 😇ආ.............මත කරලා COMMENT එකකුත් දාගෙන යන්න යාලුවනේ.
ශ්‍රීලංකාවේ පතල් කර්මාන්තය
ශ්‍රීලංකාවේ වැදි ජනයා
කලින් පෝස්ට් බැලුවෙ නැත්නම් යටි තියෙන ලින්ක් වලින් ඒවත් ගිහින් බලන්න 😇ආ.............මත කරලා COMMENT එකකුත් දාගෙන යන්න යාලුවනේ.
ශ්‍රීලංකාවේ පතල් කර්මාන්තය
ශ්‍රීලංකාවේ වැදි ජනයා
Comments